Tuesday, January 17, 2012

විසිතුරු හිස් බව...

මාරු විය වසන දෙස
දකින දෙය නොබලාම
යෑම ගුණ වේ
නොසිතා දුර දිගට

එන එන විසිතුරු
දේ ගෙන හැඩ වී
පයින් නොව
හිතින් හිතාම
පා තබයි මිනිසුන්
පෙනෙන්නට
මුළු ලොවට

අන් දෑස පිනවන්න
එයින් තමනුත් මනා
ලෙස සැනසී ඉන්න
විඳියි වද වේදනා
තම සිතින් ඒ දනෝ

නමුත් ඒ දෙස බලන
ගුණැති මිනිසුන් දකියි
ඔවුන් ඒ කරන දෙය
පුරා ඇති හිස් බව...


2 comments:

  1. මම වැඩිය කවි කියවන එකෙක් නෙවෙයි. ඒ වුනාට මේ කවිය නම් මට හිතට ඇල්ලුවා.
    ඒත් මලයා .. අර අන්තිම කොටසෙ ''ගුණැති මිනිසුන්'' වෙනුවට ''නැණැති මිනිසුන්'' කියල යෙදුවනම් හොඳ නැත්ද ..?
    [අනේ පණ්ඩිතකම් පෙන්නුවා එහෙම නෙවේ.. නිකම් අදහසක් විතරයි කීවේ]

    ReplyDelete
  2. බොහොම ස්තූතියි මිත්‍රයා. බොහොම අගය කළ යුතු අදහසක් යාළුවා.
    මටත් දැන් හිතෙනවා ඒක හොදයි කියලා.
    මම ඔය කවිය ලිව්වේ මමයි මගෙ යාළුවෙකුයි පාරෙ යනකොට එක එක විදියට ලස්සන වෙලා යන එන අය දැකලා මගෙ යාළුවා කීවා "මේ මිනිස්සු මේ ලස්සනට ඇඳ පැලැඳගෙන ගියාට මූන බැලුවාම තේරෙනවා කිසිම සැහැල්ලුවක් හිතේ නෑ කියලා" මාත් ටිකක් හොඳට බැලුවා. බලනකොට ඇත්ත තමා කතාව.
    ඉතින් මගෙ යාළුවා නැණැති වගේම ගුණැති පුද්ගලයෙක්. මට කවිය ලියන වෙලාවෙ මගෙ යාළුවාගේ ගුණැති බව තමයි නැණැති බවටත් වඩා ඉස්මතු වෙලා මතක් උනේ. ඒකයි ගුණැති කියලා දැම්මෙ.
    ඇත්තටම සමස්ථය දිහා බලනකොට, මේ දේ දකින්න ගුණැති වෙන්නම ඕන නෑ තමයි. නැණැති වීම ප්‍රමාණවත් වෙන්න පුලුවන්.
    ස්තූතියි.

    ReplyDelete