Wednesday, November 30, 2011

චාන්දනී පායලා



චාන්දනී පායලා
ලෙසින් සැමදා
උදව් වීලා
ඔබ සිටියා
මා මිතුරිය වීලා

මතකයි එදවස
ඇතිව ඔබගේ
සහය නොඅඩුව
ඉගැන්වූ සැටි
අගය කළ හැම...

ඉතින් ඉමු අපි
මිතුරුකම් පා
සැමදා මෙලෙසින්...

දහඩිය බිඳු


දහඩිය බිඳු
වැටෙයි එක දෙක
හඟවමින්
පැමිණ ඇති බව
දහවල

කිමද තව
ඉවරයක්
නැති මේ
පාඩම...

දමා යන්නට
සිතෙයි
ඔහේ හිස
හැරුණු අතේ...

ඇයි මේ...

Tuesday, November 29, 2011

විභාගය ගොඩ යන්න සිතලා...


අපි සැම
අලසකම් දුරලා...
පොත පතද
මැනවින් බලලා...
ලියමු
වැඩ දමලා...
විභාගය
ගොඩ යන්න සිතලා...

Monday, November 28, 2011

සාදාරණ බල්ලා...


නැත මට මුදල්
දීලා බත් අරගන්න...
බැහැ මට හොරෙන්
බත් කා සැනසී ඉන්න...
එනිසයි නුඹෙන් මා
කන්නට ඉල්ලන්නේ...
මිනිසකු විලස
මගෙ කුසගිනි නිවපන්නේ...

Sunday, November 27, 2011

සතුන් නොම වෙනු සැබෑ මිනිසුනි...


තම සතුට පමණක් සළකන
අන් දුක නොහඳුනන
සතුන් නොම වෙනු
සැබෑ මිනිසුනි...

දියුණුව තමන්ගේ
කර ගත යුතුය නොවරද
එනමුත් එයින් අන්
කෙනෙකුට වේද අවැඩක්
සිතනු යහපති
කරනු මත්තෙන්...

Saturday, November 26, 2011

ළමා සිතක උඳුපියලිය


උඳුපියලිය
ඇත වැවිලා
මිදුල පුරා...

ඇයි හාවෝ
නුඹ නැත්තේ
මෙහි එන්නේ...

තරහද නුඹ
මාත් එක්ක
කියන්නකෝ...

පිඟානේ කෑම සහ බල්ලාගේ කියමන


කුසගිනි බොහොම ඉහලයි
බැහැ ඉවසන් ඉන්න

සොයන කල යමක්
බඩ සරි කර ගන්න

දුටුවෙමි අහර අප වෙනුවෙන්
පිඟන් වල

පුදුමයි මේක එනමුත් කිම
ලත වෙන්නේ

කමු අපි මල්ලි
මේ ලෙස ජීවත් වෙන්න...

Friday, November 25, 2011

අමතකද සොඳුර මා, මම ඔබේ ආදරය...


දිව එන්න නොම දෙන්නෙ

ඇයිද සඳ කියන් මට...

නැතිද සිත කියන්නේ
දැක ගන්න මා නිතර...
අමතකද සොඳුර මා
මම ඔබේ ආදරය...
සදා වෙනසක් නොවෙන
එතෙර වෙන තුරු සසර...

ලද දෙයින් සතුටු වීම...


කවරය නැතත් ඉතිරිව
නැතිය ඔහු හැඬුවේ
අලුතෙන් එකක් ඉල්ලා...


දෙයින් ලද සතුටක්
ලබන මේ වැනි පුතුන්
 සැදු මව්පිය
පින්වත්ය සැම දින

.................................................................

ඉල්ලා දකින යම් දෙය
කෙලෙස හෝ ලැබ ගැනුමට
හඬන දූ දරු යමෙක් වේ නම්
සිතට ගනු අද
තුටු වන්න ලද දෙයින්
නොදී සිත් තැවුල් ඔබෙ
අදර මව්පියන් හට...

Thursday, November 24, 2011

ගී සිසිල සරසවි වින්දෙමි ඉමිහිරි



ගී සිසිල සරසවි
වින්දෙමි ඉමිහිරි
සුන්දරද සරසවි
කෙතරම්
සිතුනි මට...

තුරුලු වූ පෙම්වතුන්
විඳගනියි ගී සිසිල
සමග පෙම් සිසිල අද...
විඳගන්න මා සමග
ගී සිසිල සරසවි
මන්ද ඔබ මා අසල
නොයිඳ දුර ඈතක...


Wednesday, November 23, 2011

රුවට සිතකි මහද මලකි



රුවට සිතකි
මහද මලකි
ආදරයකි
ඔබට පුදපු

ඔබ සඳ විය
මා හිරු විය
ලොව බැබලිය
පෙම හිමි විය

දිව යන්න ආසයි තෙමී වැස්සේ...


නැගෙයි සිතුවිලි
සොඳුර ඔබ ගැන
වහින විට රෑ යම
ගෙනෙමින් සිහිල්
මද නල...

මල් වැසි වහිද්දී
ඔබ සමග එක් වී
දිව යන්න ආසයි
තෙමී වැස්සේ...

එනමුදු නොහැක්කේ
ඔබ දුරය ඇත්තේ
තනිවම විඳින්නේ
සිහිල් මද නල
මේ පාලු රෑ යම...

Tuesday, November 22, 2011

උදෑසන


හිමිදිරි උදෑසන...
කිචි බිචි හඩින්
විහඟුන්...
ගයන ගී
අසමින්...
අවදි වෙමු අපි
හනි හනික දැන්...

Monday, November 21, 2011

සි‍තේ සිර කර මග බලමි...


දෝර ගලා යන
මගේ ආදරය...


නෙතින් දකින්නට සොඳුර
ඉඩක් නැති සෙයින් මම...

සි‍තේ සිර කර ආදරය
මග බලමි...

ලැබෙන තුරු
ඉඩක්...

දිව එන්න
ඔබ වෙත...

පුද දෙන්න
දෝර ගලා යන
මගේ ආදරය...

Sunday, November 20, 2011

සිතක මුලාව



නැතිය ඒ තරමට...
ඒත් සිටිනේ ...
ලොවට පෙනුමට...
දනවමින් ඇති...
බවක් හැම හට...

නැතිය ඵලයක් එයින්...
කුමන අව‍බෝධයක්...
ඒ ගැන...
මං මුලාවූ එකෙකු විලසිනි...

Saturday, November 19, 2011

පාඩුවේ හිඳිමි...



මා නෙත ගැටුනි
සිත පුරා වින්දෙමි
පෙමි බැන්ඳෙමි...

ඇය හැඩය
වෙනෙකෙකු සතුය...

තතු වැටහුණි
පාඩුවේ සිටියෙමි...

නමුදු......

ඇයට වැරදුනි
මව් පියන් අකමැතිය...

ගියා යුග දිවියට
සමග වයසක
හිමි සමඟ ඇය
සොයා දුන්
මව් පියන් ඇය හට...

මම තවම
පාඩුවේ හිඳිමි...

Friday, November 18, 2011