Saturday, December 31, 2011

2011 සිට 2012 ට














වසර අවසන් දිනය
         ලෙස නොව
ඇරඹුමට නව වසර
         පෙරදින
ලෙසම සිත් වෙමු
         සිතා බලමින්
කරපු කම් අප
         ගෙවුනු වසරේ

නොකර නැවතත්
         කරපු අකුසල් 
කරමු තව තව
        කුසල් අපි සැම
නොසිතා පමණ
        තම ගැන
කරමු කටයුතු
        සිතා සැම ගැන

හෙටින් එළි වෙයි
        නවමු වසරක්
පතමු නව වසර
       සැමටම
වාසනා පිරි
       දිවි ලැබෙන්නට



Wednesday, December 21, 2011

ඇය බලයි මා දෙස...


ඇය බලයි මා දෙස
කිමද බැල්මක් එලෙස
බලමි මම ඒ දෙසම
හඟවමින් ඇයි ‍එලෙස

තේරුණා තේරුණා
සිතක් ඇති සෙයක් මට
එත් කෙලෙසකද මම
පතන්නේ ඒ ලෙසම

නැත සියලු පැතුමන්
ඉටුවන්නෙ සිත් සේ
නොපැතු පැතුමක් පතා
දුකක් ගන්නේ කිමද

උස ඇතිද මට හරිද
සුදු පාට කලු පාට
දහසකුත් දේ බලා
සිතන්නට නොහැක අද

දුටු සැනින් සිතේ නම්
එය වේවි උරුමයම
එතැන් සිට ලොව තමන්
සදා ගත යුතු වේ නොවෙද?


Tuesday, December 20, 2011

සරසවි අසිරි

සරසවි අසිරි
රැයට සපිරි
බලනු රිසි
රැයට සරසවි

එලියෙන් විදුලි
හැඩවුනු සුමනදිසි
දැකගති රැයට
යන අය නිතර

යුවල් පෙම් කෙලින
සරසවියෙ නිරතුරු
කරයි මතකයන් රැස්
එවන් හැඩ බලමින්

Monday, December 19, 2011

සිනා තව තව ලාභ වේවා

කඳුලු මිල වැඩි වේවා
සිනා තව තව ලාභ වේවා
එදින අප තව දිලිඳු වීලා
කඳුලු ගැනුමට නොහැකි වීලා
සිනා පමණක් ලඟා වීලා
සිනාසෙමු අපි ගයා රඟ දී
සතුටු ගඟුලේ ගිලී නැහැවී...

Sunday, December 18, 2011

අපි අපේ වීම...

කඳුලු පිසදා
අප සිනාසෙන
මල් ලොවේ රජ
කිරුළු පළඳින
දිනය ඈතක
නොවේ සොඳුරිය
මග බලා ඉමු
ඇඟිලි ගැන අපි
දිනය එන තුරු
අප අපේ වන
ලොවම අමතක
කර එදින අපි
සතුටු ගඟුලේ
නාමු පිහිනා
ගයා තුටු ගී
විහඟු පරදා
ඉගිල යමු අපි
අඹර පීරා...



Saturday, December 17, 2011

සුන්දර සිරිලක

සුන්දර සිරිලක
මගේම මව් රට
ඉපදුනු අප හැම
පෙර පින් කර ඇත

සොබා සිරිය පිරි
සිරිලක මව් අපෙ
රකිමු සදා අපි
පන මෙන් සිරිලක




Friday, December 16, 2011

ආදරය දැනේවිද

ඉකිබිඳුම ඇසේවිද
               නොසන්සුන් දෙසවනට
කඳුලැලි පෙනේවිද
               වල්මත් දෙනෙතට
තනිකම දැනේවිද
               තනි නොවූ හිතකට
සොඳුරු බව දැනේවිද
               ඔහේ යන දිවියකට
ආදරය දැනේවිද
               කුරිරු හදවතකට

Thursday, December 15, 2011

අද නම් බෑ කියන්න බෑ

මෙච්චර කල් බලාන ඉදලා
අද නම් බෑ කියන්න බෑ
කොච්චර අමාරුවෙන්ද
මම ඉවසන් හිටියෙ
මට හිතෙනවා අද තමා දවස
කොහොම නම් මග හරින්නද

ඇඟිලි ගැන ගැන
බලාගෙන හිටියෙ
වෙලාවක් ලැබෙන කම්
අද නම් හිතේ හැටියට
නිදාගන්නවා
කවුරුවත් ඇහැරවන්න එපා...

Wednesday, December 14, 2011

සිනා බෝ වේවා...

කොයි තරම් සතුටුද
හිනා වෙලා ඉන්න
හැමදාම ඔය වගේම
එපා දුක් වෙන්න
කිසිම දෙයක් ගැන
මට බලාන ඉන්න බෑ
දුකින් පිරෙන මූන දිහා

අපිව අඬවන්න
ගොඩක් අය බලාන ඉන්නවා
ඒ අය අපිව අඬවනකොට
අපි ආයෙත් සතුටු වෙමු
හිනා වෙමු 

අපිව අඬවලා
ඒ අය හිනා වෙන දිහා බලලා
අපි සතුටු වෙමු
මොකද මිනිස්සු සතුටු වෙන්නෙ
එක එක දේවල් වලට
ඒකයි...

අපි අඬන එකෙන්
තව අය සතුටු වෙනවනම්
අපි සතුටින් අඬමු...
අඬ අඬා හිනාවෙමු...
මේක මහා පුදුමාකාර ලොකයක්...

Tuesday, December 13, 2011

ගුරුද සළකයි නොවරදවා


ගුරු සිත නොරිදවා
වේලාව නොවරදවා
සිටියොත් ගරුද කරලා
ගුරුද සළකයි නොවරදවා

ගුරු වී මාද යහමින්
ඉගැන්වු හැටි ඒ කල
සිහි වේ දකින විට
අද සැබෑ ගුරුවරු

අද දුටිමි ගුරුතුම
සිතයි තම සිසු පිරිස
තම කොටම සළකා
සැබෑ ලෙස
පෙන්වමින් ගුරු ගුණ...

Monday, December 12, 2011

විභාගය



ලියා ඇත විභාගත්
ඇති තරම් මෙතෙක් කල්
මෙවන් වූ විභාගත්
නැත ලියා මෙතෙක් කල් 

Sunday, December 11, 2011

පාන් පාන් මෙන්න පාන්



පාන් පාන් මෙන්න පාන්
කාලා ඇතිද මෙහෙම පාන්
සම්බෝලත් එක්ක පාන්
කාලා නිදමු අපිත් පාන්

තුන් වේලම බත් කාලා හිටපු අපි
පාන් කාලා කම්මැලි වී ඉන්න අපි
යෝධයන් සිටි රටකය ඉන්නෙ අපි
පාන් කාලා යෝධ වේද කොහොම අපි

Saturday, December 10, 2011

ලැප් එකක පිපිලා මලක්


මෙන්න බොලේ වැඩක්
ලැප් එකක පිපිලා මලක්
නෑ නෑ
නොවේ එහෙම දෙයක්
ලැප් එක උඩ කඩපු මලක්

අදයි පෝය උඳුවප්
පූජා කරමු මලක්
ලොව්තුරු බුදු පියාණන්ට
ලැබෙයි ඔබට පිනක්

Friday, December 9, 2011

සල්ලි සල්ලි මෙන්න සල්ලි...



හොයන අය දනී හොයනා අමාරුව
කරන කෙනා වැය නොදනී අමාරුව
කරන කලට වියදම් හරි සනීපය
සොයන කලට ඇඟට දැනෙයි විඩාවම

විඩා නැතිව සොයනා අය නැතිව නොවේ
තවත් කෙනෙක් දුක් විදලා සොයන මුදල්
ඇතැමුන් ගනී අසරණයින් මුලා කර
ගත්තත් එහෙම නැත වන්නේ යහපත නම්

මව්පියවරුන් දුක් විඳලා සොයන මුදල්
දරුවන් වෙතේ රිසි සේ වැය කරන අනේ
ඇයි දරුවනේ නොසිතන්නේ ඔවුන් ගැන
ඵල ඇති දෙයට වැඩ කටයුතු කර ගන්නේ...

Thursday, December 8, 2011

මම දුටුවෙමි සකි අමුතු සතෙක් සකි


මම දුටුවෙමි සකි
අමුතු සතෙක් සකි
නෑ නෑ ඒ සකි
කෑම රැගෙන යන
කූඹියො වේ සකි

මෙන්න බලන් සකි
කුහුඹු වැඩක් සකි
ඇයිද නුබත් සකි
මෙලෙස නොවී සකි
කම්මැලි වී සකි
නිදා සිටිනු සකි

තනිව කරනු බැරි
නම් එක් වී සකි
දියුණට මග සරි
කළ යුතු වේ සකි


Wednesday, December 7, 2011

අද ළමයින්ට ඇයි නැත්තේ පොඩි කාලේ....



බෝඩිම ඉදිරිපිට සැමදා අපි වෙසෙන
සෙල්ලම් උයනක්ය සැමදා පිරෙන
දකිනා විටදි සෙල්ලම් පොඩි උන් කරන
යන්නට හිතයි සෙල්ලම් කරලා එන්න

දුව පැන ඇවිදලා මා ගම හැම තැනම
පොඩි සන්දියේ කළ සෙල්ලම් සිහි වෙනවා
උදේ ඉදන් වෙල් යායේ කළ සෙල්ලම්
දවස පුරා ඇල දොල වල නැටූ තරම්

අද ළමයින්ට ඇයි නැත්තේ පොඩි කාලේ....


Tuesday, December 6, 2011

කුප්පි කුප්පි..... මෙන්න කුප්පි....


විභාග කාලෙට
සරසවියක් තුළ
මේවා නොඅඩුව
ඇත පිරිලා

ලෙක්චර් හෝල් වල
කැන්ටින් වල ඇත
පුස්තකාලයේ සහ
ගස් යට එහෙමත්
හරි හරියට
මේවාකෙරෙති

තේරෙන උදවිය
අනිත් එවුන් හට
ෆිට් එක හින්දම
කියලා දෙද්දී
බොහො දෙනෙක් ඇක 
ගොඩ දාගන්නේ
කුප්පි නිසාමය
සරසවියේ...

ලෙක්චර් වල හෙම
සැමදා නිදියපු
බොහො දෙනා
මේවට එන්නේ

පුදුමෙ කියන්නේ
කුප්පි වලදි නම්
මේ අය නැත
නිදි සුවය විදින්නේ
එනමුත් කුප්පියෙ
පවා නිදන අය
නැතුවම නොව බව
කිව යුතු වන්නේ...

දාන අයට පින්
ගන්න අයට ඇක
කුප්පි නිසා හැම
දෙන ගොඩ යන්නේ

කුප්පි කුප්පි..... මෙන්න කුප්පි....



Monday, December 5, 2011

කවුරුද මේ වගෙ ලැප්ටොප් ඇති අය ?


දැක ඇත අපමණ
ලැප්ටොප් හැම තැන
නැත දැක ලැප්ටොප්
මෙහෙමත් ලැප්ටොප්...!!!

මෙවැනි වදන් ඇත
ලියලා පෙර දැක
එනමුත් නොම ඒ
ලැප්ටොප් මත නම්

වාහන දූවිලි
බැඳිලා ඇති විට
පොඩි අය මේවා
ලියලා යන්නේ

දැන් දැන් ලැප්ටොප්
වාහන ගානට
වැටිලා ඇති බව
පෙනේ නේද හැටි

නැත හැම තැන මේ
ලෙස වන ලැප්ටොප්
කවුරුද මේ වගෙ
ඇති අය ලැප්ටොප්...???

Sunday, December 4, 2011

සරසවි කැන්ටිම සහ අපි...



මොරටුව සරසවිය අපි සැමදා යනෙන
ඇත බොහොමයක් කැන්ටින් නම් අඩු නැතිව
වල ගොඩ දෙකද ගුල සහ එල් කැන්ටින්ද
ගොඩ උඩ සමග ගොඩ උඩ පොෂ් කැන්ටින්ද
තුන් වේලමද මග නොහැරම තේ වේල
මග බලනවා අප එන තුරු හැමදාම...

පුරුදු ලෙසම ඇත පෝලිම එහි සැමදා
කෑවොත් ඉතින් යනවා බොරු වෙලාවට
ලෙක්චර ඉතින් පන්නනවා අප සිකුරු...
එනමුදු නොකා බෑ බඩගිනි ඉහට උසේ
ඉදලා පොලිමේ මේ ලෙස තුන් වේල
අපි ගන්නවා දිව බොජුනක් වැනි කෑම...

බොජුනේ තරම ගැන නම් තව කිමද කතා
කියනා කට හොදයි කැන්ටිමෙ බත් කන්න
එනමුදු ඇතැම් දින එහි ඇත රස කෑම
නොකීවොතින් එය හරි මදි හැඟේ මට
කාලා කැන්ටිමේ බත් සැමදා මෙලෙස
කර ගත යුතුය ඉගෙනීමද හැකි පමණ...

ලෙක්චර් එකට නොගියත් අපි සැමදාම
ඉන්නේ කෙලෙස නොගිහින් මෙහි සැම වේල
විමසා බලන කළ අපි මෙහි ආ දා සිටම
කර ඇති දේ කිමද වැඩි වැඩියෙන්ම අපි
වෙන අන් කිමද කවුරුත් දන්නා ලෙසම
කාලය ගෙවීමයි කැන්ටින් වලම ඉඳ...

Saturday, December 3, 2011

පොත නුදුරේ මග බලතේ


අපි මිතුරේ
කතා අතරේ
පොත නුදුරේ
මග බලතේ
අපි එනතුරු
පොත බැලුමට...

Friday, December 2, 2011

නැතිද පැතු ලොව ?


ඔබ ඉන්න මා ළඟම
මම තුටින් සිටිමි සදා...
සෙනෙහෙ පුරවා
පුදමි ඔබ හට ආදරේ...

දැනෙයි ඔබ දුර
යන්න සැරසෙන
අයුරු මා හට...
නැතිද පැතු ලොව
සදා සිටිනට
මා ළඟින්...

ඔබේ ලෝකය 
නොවේ නම් මෙහි...
යන්න අවසර
අවැසි මොහොතක...
නොඑන්නට යළි
මගේ දිවියට...

නමුදු යම් දින
ඔබට යළි මා...
අවැසි වේ නම්
එතෙක් සිටිනෙමි
ඔබේ නාමෙන්...
එන්න මා වෙත
ආදරෙන්...

Thursday, December 1, 2011

සිත නොම දේ අද මාගේ...



සඳ නොපෙනේ
වැහි අහසේ
ඔබ ඈතක
නැත මා ලඟ

පොත් බැලුමට
වෙනදා සේ
සිත නොම දේ
අද මාගේ...

Wednesday, November 30, 2011

චාන්දනී පායලා



චාන්දනී පායලා
ලෙසින් සැමදා
උදව් වීලා
ඔබ සිටියා
මා මිතුරිය වීලා

මතකයි එදවස
ඇතිව ඔබගේ
සහය නොඅඩුව
ඉගැන්වූ සැටි
අගය කළ හැම...

ඉතින් ඉමු අපි
මිතුරුකම් පා
සැමදා මෙලෙසින්...

දහඩිය බිඳු


දහඩිය බිඳු
වැටෙයි එක දෙක
හඟවමින්
පැමිණ ඇති බව
දහවල

කිමද තව
ඉවරයක්
නැති මේ
පාඩම...

දමා යන්නට
සිතෙයි
ඔහේ හිස
හැරුණු අතේ...

ඇයි මේ...

Tuesday, November 29, 2011

විභාගය ගොඩ යන්න සිතලා...


අපි සැම
අලසකම් දුරලා...
පොත පතද
මැනවින් බලලා...
ලියමු
වැඩ දමලා...
විභාගය
ගොඩ යන්න සිතලා...

Monday, November 28, 2011

සාදාරණ බල්ලා...


නැත මට මුදල්
දීලා බත් අරගන්න...
බැහැ මට හොරෙන්
බත් කා සැනසී ඉන්න...
එනිසයි නුඹෙන් මා
කන්නට ඉල්ලන්නේ...
මිනිසකු විලස
මගෙ කුසගිනි නිවපන්නේ...

Sunday, November 27, 2011

සතුන් නොම වෙනු සැබෑ මිනිසුනි...


තම සතුට පමණක් සළකන
අන් දුක නොහඳුනන
සතුන් නොම වෙනු
සැබෑ මිනිසුනි...

දියුණුව තමන්ගේ
කර ගත යුතුය නොවරද
එනමුත් එයින් අන්
කෙනෙකුට වේද අවැඩක්
සිතනු යහපති
කරනු මත්තෙන්...

Saturday, November 26, 2011

ළමා සිතක උඳුපියලිය


උඳුපියලිය
ඇත වැවිලා
මිදුල පුරා...

ඇයි හාවෝ
නුඹ නැත්තේ
මෙහි එන්නේ...

තරහද නුඹ
මාත් එක්ක
කියන්නකෝ...

පිඟානේ කෑම සහ බල්ලාගේ කියමන


කුසගිනි බොහොම ඉහලයි
බැහැ ඉවසන් ඉන්න

සොයන කල යමක්
බඩ සරි කර ගන්න

දුටුවෙමි අහර අප වෙනුවෙන්
පිඟන් වල

පුදුමයි මේක එනමුත් කිම
ලත වෙන්නේ

කමු අපි මල්ලි
මේ ලෙස ජීවත් වෙන්න...

Friday, November 25, 2011

අමතකද සොඳුර මා, මම ඔබේ ආදරය...


දිව එන්න නොම දෙන්නෙ

ඇයිද සඳ කියන් මට...

නැතිද සිත කියන්නේ
දැක ගන්න මා නිතර...
අමතකද සොඳුර මා
මම ඔබේ ආදරය...
සදා වෙනසක් නොවෙන
එතෙර වෙන තුරු සසර...

ලද දෙයින් සතුටු වීම...


කවරය නැතත් ඉතිරිව
නැතිය ඔහු හැඬුවේ
අලුතෙන් එකක් ඉල්ලා...


දෙයින් ලද සතුටක්
ලබන මේ වැනි පුතුන්
 සැදු මව්පිය
පින්වත්ය සැම දින

.................................................................

ඉල්ලා දකින යම් දෙය
කෙලෙස හෝ ලැබ ගැනුමට
හඬන දූ දරු යමෙක් වේ නම්
සිතට ගනු අද
තුටු වන්න ලද දෙයින්
නොදී සිත් තැවුල් ඔබෙ
අදර මව්පියන් හට...

Thursday, November 24, 2011

ගී සිසිල සරසවි වින්දෙමි ඉමිහිරි



ගී සිසිල සරසවි
වින්දෙමි ඉමිහිරි
සුන්දරද සරසවි
කෙතරම්
සිතුනි මට...

තුරුලු වූ පෙම්වතුන්
විඳගනියි ගී සිසිල
සමග පෙම් සිසිල අද...
විඳගන්න මා සමග
ගී සිසිල සරසවි
මන්ද ඔබ මා අසල
නොයිඳ දුර ඈතක...


Wednesday, November 23, 2011

රුවට සිතකි මහද මලකි



රුවට සිතකි
මහද මලකි
ආදරයකි
ඔබට පුදපු

ඔබ සඳ විය
මා හිරු විය
ලොව බැබලිය
පෙම හිමි විය

දිව යන්න ආසයි තෙමී වැස්සේ...


නැගෙයි සිතුවිලි
සොඳුර ඔබ ගැන
වහින විට රෑ යම
ගෙනෙමින් සිහිල්
මද නල...

මල් වැසි වහිද්දී
ඔබ සමග එක් වී
දිව යන්න ආසයි
තෙමී වැස්සේ...

එනමුදු නොහැක්කේ
ඔබ දුරය ඇත්තේ
තනිවම විඳින්නේ
සිහිල් මද නල
මේ පාලු රෑ යම...

Tuesday, November 22, 2011

උදෑසන


හිමිදිරි උදෑසන...
කිචි බිචි හඩින්
විහඟුන්...
ගයන ගී
අසමින්...
අවදි වෙමු අපි
හනි හනික දැන්...

Monday, November 21, 2011

සි‍තේ සිර කර මග බලමි...


දෝර ගලා යන
මගේ ආදරය...


නෙතින් දකින්නට සොඳුර
ඉඩක් නැති සෙයින් මම...

සි‍තේ සිර කර ආදරය
මග බලමි...

ලැබෙන තුරු
ඉඩක්...

දිව එන්න
ඔබ වෙත...

පුද දෙන්න
දෝර ගලා යන
මගේ ආදරය...

Sunday, November 20, 2011

සිතක මුලාව



නැතිය ඒ තරමට...
ඒත් සිටිනේ ...
ලොවට පෙනුමට...
දනවමින් ඇති...
බවක් හැම හට...

නැතිය ඵලයක් එයින්...
කුමන අව‍බෝධයක්...
ඒ ගැන...
මං මුලාවූ එකෙකු විලසිනි...

Saturday, November 19, 2011

පාඩුවේ හිඳිමි...



මා නෙත ගැටුනි
සිත පුරා වින්දෙමි
පෙමි බැන්ඳෙමි...

ඇය හැඩය
වෙනෙකෙකු සතුය...

තතු වැටහුණි
පාඩුවේ සිටියෙමි...

නමුදු......

ඇයට වැරදුනි
මව් පියන් අකමැතිය...

ගියා යුග දිවියට
සමග වයසක
හිමි සමඟ ඇය
සොයා දුන්
මව් පියන් ඇය හට...

මම තවම
පාඩුවේ හිඳිමි...

Friday, November 18, 2011