Wednesday, January 18, 2012

පෙරපාසලේ පළමු දිනය

බෑ බෑ අම්මෙ මට ඉන්නට බෑ අම්මේ
අකුරු කරන්නට බැහැ අම්මා නැතුව
යන්නට එපා අම්මේ මා මෙහි තියලා
ගියොත් එමි මමත් ආපසු ගෙදර බලා...

පෙරපාසල මා ගිය ඒ පළමු දින
හැඬුවා එලෙස ඉන්නට බෑ කියා මම
කිව් ලෙස පිටවුණා පෙරපාසලෙන් මම
කාටත් හොරෙන් යන්නට අපෙ ගෙදර බලා...

කොහෙදැයි මේ යන්නෙ තනිවම අසයි සැම
වෙන කොහෙ යන්න ගෙදරයි මේ යන්නේ
යන විට ටික දුරක්, අම්මා මාව සොයන්
ආවා රැගෙන යන්නට සැලවී පුවත...

No comments:

Post a Comment