Thursday, April 26, 2012

සිත් මල

සිත් මල ඔබයි පෙම් බැන්ද
මා හට තරම් මහ මෙර
එසිත් මල රිදවන්න
නැත සිතුවේ මා ප්‍රියේ
මතු දිනෙක නොම වන්න
සිත් රිදුම් ඔබෙ සිතට
රැක ගන්න ඔබෙ මගේ
සතුට සැමදා සිතා
නිසාවෙනි ආදරේ
කරන්නේ මේ හැම

Tuesday, January 31, 2012

නොදුටු කුමරිය

තොඳොල් බස් සැම විට
දොඩයි නොඅඩුව හැකි විට
සිටින්නට සිතයි මට
අසාගෙන ඔබෙ සොඳුරු හඬ

කීවත් කතා නොයෙකුත්
දුරින් පමණයි ඒ හැම
ඔබයි මා සිත් ගත්
නොදුටු කුමරිය මා නෙත්


පින්තූරය: http://www.comicartfans.com/ වෙතිනි

Saturday, January 21, 2012

පැතු මුත් මා ඔබ, මා නොව ඔබ හිමි


එදා මා
සිතූ දා
ඔබ මා
වේ වා

දැනු නා
නොව මා
ඔබ හිමි
මතු දා

රිද වා
ඔවු නා
කිම මා
ඔබ හා
කිය ලා
සිතු නා

හැර දා
පැතු දේ
සිටි යා
කර බා

Wednesday, January 18, 2012

පෙරපාසලේ පළමු දිනය

බෑ බෑ අම්මෙ මට ඉන්නට බෑ අම්මේ
අකුරු කරන්නට බැහැ අම්මා නැතුව
යන්නට එපා අම්මේ මා මෙහි තියලා
ගියොත් එමි මමත් ආපසු ගෙදර බලා...

පෙරපාසල මා ගිය ඒ පළමු දින
හැඬුවා එලෙස ඉන්නට බෑ කියා මම
කිව් ලෙස පිටවුණා පෙරපාසලෙන් මම
කාටත් හොරෙන් යන්නට අපෙ ගෙදර බලා...

කොහෙදැයි මේ යන්නෙ තනිවම අසයි සැම
වෙන කොහෙ යන්න ගෙදරයි මේ යන්නේ
යන විට ටික දුරක්, අම්මා මාව සොයන්
ආවා රැගෙන යන්නට සැලවී පුවත...

Tuesday, January 17, 2012

විසිතුරු හිස් බව...

මාරු විය වසන දෙස
දකින දෙය නොබලාම
යෑම ගුණ වේ
නොසිතා දුර දිගට

එන එන විසිතුරු
දේ ගෙන හැඩ වී
පයින් නොව
හිතින් හිතාම
පා තබයි මිනිසුන්
පෙනෙන්නට
මුළු ලොවට

අන් දෑස පිනවන්න
එයින් තමනුත් මනා
ලෙස සැනසී ඉන්න
විඳියි වද වේදනා
තම සිතින් ඒ දනෝ

නමුත් ඒ දෙස බලන
ගුණැති මිනිසුන් දකියි
ඔවුන් ඒ කරන දෙය
පුරා ඇති හිස් බව...


Wednesday, January 11, 2012

සරසවි බුදු රුව වැන්දේද?



සරසවි ඇවිත් දැන් කී වසරක් වුනාදෝ
ආ දා පටන් කීයක් වැඩ කළා දෝ
හිමි පිළිරුව පසුකර කී වරක් ගියාදෝ
වැන්දේ ඔබත් අප හිමි කී වරක් දෝ

සීත ගඟුලෙ සිහිලස දැනිලා නැතිදෝ
බුදු හිමි නැමැද සිහිලස විදගෙන නැතිදෝ
සිහිලක් නැති බිමේ ඔබ තව විඳවයිදෝ
සැනසෙනු පැමිණ වැඳ අප මුණි රජින්දෝ