Tuesday, December 6, 2011

කුප්පි කුප්පි..... මෙන්න කුප්පි....


විභාග කාලෙට
සරසවියක් තුළ
මේවා නොඅඩුව
ඇත පිරිලා

ලෙක්චර් හෝල් වල
කැන්ටින් වල ඇත
පුස්තකාලයේ සහ
ගස් යට එහෙමත්
හරි හරියට
මේවාකෙරෙති

තේරෙන උදවිය
අනිත් එවුන් හට
ෆිට් එක හින්දම
කියලා දෙද්දී
බොහො දෙනෙක් ඇක 
ගොඩ දාගන්නේ
කුප්පි නිසාමය
සරසවියේ...

ලෙක්චර් වල හෙම
සැමදා නිදියපු
බොහො දෙනා
මේවට එන්නේ

පුදුමෙ කියන්නේ
කුප්පි වලදි නම්
මේ අය නැත
නිදි සුවය විදින්නේ
එනමුත් කුප්පියෙ
පවා නිදන අය
නැතුවම නොව බව
කිව යුතු වන්නේ...

දාන අයට පින්
ගන්න අයට ඇක
කුප්පි නිසා හැම
දෙන ගොඩ යන්නේ

කුප්පි කුප්පි..... මෙන්න කුප්පි....



4 comments:

  1. කුප්පි අපේ එදා සිටම පැවතෙනවා
    කුප්පි වලදි කල කී දැ කියවෙනවා
    කුප්පි නිසා අපේ කොල්ලන් ගොඩයනවා
    කුප්පි දාන උන් හට පින් අත්වෙනවා

    ReplyDelete
  2. කුප්පි නැතිව කළ විභාග නැතිවා
    කළ දෑ කීවොත් හිනා මැවෙනවා
    ගොඩ ගිය උන් ගොඩ වුනා කියනවා
    කළ උන් ගොඩ යයි පින් පල දීලා

    ReplyDelete
  3. මෙහෙම ලියද්දි, කුපුපි දාන්නවත්, කුප්පියකට යන්නවත් ආයෙ සරසවි ජීවිතේට යන්න බැරි එක ගැන දුකයි. ලස්සන මතක අවදි කරන කවියක්. සුභපැතුම්.

    ReplyDelete
  4. බොහොම ස්තූතියි තිලිනි මම හිතන්නෙ අක්කා වෙන්න ඇති ;)
    ආයෙ යන්න බැරි එක ගැන දුක් වෙන්න දෙයක් නෑ කලින් ගිහින් තියෙනවනම් නේද
    මොකද එන්නම බැරි උන අයත් ඉන්නවනේ

    වාසනා වේවා...

    ReplyDelete