මොරටුව සරසවිය අපි සැමදා යනෙන
ඇත බොහොමයක් කැන්ටින් නම් අඩු නැතිව
වල ගොඩ දෙකද ගුල සහ එල් කැන්ටින්ද
ගොඩ උඩ සමග ගොඩ උඩ පොෂ් කැන්ටින්ද
තුන් වේලමද මග නොහැරම තේ වේල
මග බලනවා අප එන තුරු හැමදාම...
පුරුදු ලෙසම ඇත පෝලිම එහි සැමදා
කෑවොත් ඉතින් යනවා බොරු වෙලාවට
ලෙක්චර ඉතින් පන්නනවා අප සිකුරු...
එනමුදු නොකා බෑ බඩගිනි ඉහට උසේ
ඉදලා පොලිමේ මේ ලෙස තුන් වේල
අපි ගන්නවා දිව බොජුනක් වැනි කෑම...
බොජුනේ තරම ගැන නම් තව කිමද කතා
කියනා කට හොදයි කැන්ටිමෙ බත් කන්න
එනමුදු ඇතැම් දින එහි ඇත රස කෑම
නොකීවොතින් එය හරි මදි හැඟේ මට
කාලා කැන්ටිමේ බත් සැමදා මෙලෙස
කර ගත යුතුය ඉගෙනීමද හැකි පමණ...
ලෙක්චර් එකට නොගියත් අපි සැමදාම
ඉන්නේ කෙලෙස නොගිහින් මෙහි සැම වේල
විමසා බලන කළ අපි මෙහි ආ දා සිටම
කර ඇති දේ කිමද වැඩි වැඩියෙන්ම අපි
වෙන අන් කිමද කවුරුත් දන්නා ලෙසම
කාලය ගෙවීමයි කැන්ටින් වලම ඉඳ...
උඹලයි කැන්ටිමේ කෑම ගනන්යෙයි
ReplyDeleteවැඩියෙමත් නෑ
ReplyDeleteබත් එකක් තිහක් වෙනවා යාළුවා...
මෝල්පේ පාරේ තිබුන "ළෑල්ල" බෝඩිම තවමත් ඇතැයි සිතමි....
ReplyDeleteඅඩෝ තරංගයා....
ReplyDeleteඋබට මතක ඇතිනේ කලින් හිටපු Pටයිප් කැන්ටින් කාරය...
මොනවා හරි ගන්න ගියාම වරුවක් විතර යනවා,ටිකක් විතර කොයිල්
කටහඬ තමයි සිරාම ::) :)
දැන් ඉන්න සෙට් එක නම් කෑම වල රහ කෙසේ වෙතත් කෑම ගත්තම පොඩි මහත්මා ගතියක් ආරෝපණය වෙනවා වගේ :P:P:P ...
රුපියල් තිහයි " සර් " :D :D
ඔබ නොදුටු ලොවක්... මම ඒ බෝඩිම ගැන දන්නෙ නෑනෙ හරියටම කොතනද ඕක තිබ්බෙ යාළුවා...
ReplyDeleteෆැන්ටසි...ඒ මිනිස්සු දැනගෙන තියෙනවා හිත හොදින් හිටියොත් කෑම රසද නැද්ද කියන එක එච්චරම ගැටළුවක් නොවන බව