Thursday, November 24, 2011

ගී සිසිල සරසවි වින්දෙමි ඉමිහිරි



ගී සිසිල සරසවි
වින්දෙමි ඉමිහිරි
සුන්දරද සරසවි
කෙතරම්
සිතුනි මට...

තුරුලු වූ පෙම්වතුන්
විඳගනියි ගී සිසිල
සමග පෙම් සිසිල අද...
විඳගන්න මා සමග
ගී සිසිල සරසවි
මන්ද ඔබ මා අසල
නොයිඳ දුර ඈතක...


6 comments:

  1. මැද මිදුල සුමනදිසි
    ගී මිහිර පැතිරුනා
    මැද මිදුල මැද සිටම
    මා එයින් සැනසුනා

    ReplyDelete
  2. ලස්සන කවි පෙලක් මිත්‍රයා..

    ReplyDelete
  3. අනුන කරනා දෙයක
    අගය දකිනා පිරිස
    බොහොම අඩු කලෙක ඔබ
    දුන්න මේ අදහසට
    තුති පුදමි මේ ලෙසින්...

    බොහොම ස්තූතියි මිතුර...

    ReplyDelete
  4. වින්දෙමි මමත් සිසිලස ඔය ලෙසම
    රුපියල් තුන්සියයක ටිකට් පතක් ද ගෙන
    පුටුවක වාඩි වී හරි බරි ගැසී හෙම
    වටපිට බැලූ කල තේරුනි රුපියල් සියය අපතේ ගිය බවට

    ඇත දෙපස පුටු වල පෙම්වතුන් තුරුලු වී
    මා පමනි තනිව සිට උන්ට බාදාව වී
    මක් කරන්නද කරුමෙ ගෙවනවා මිස කරපු
    වින්දෙම්ය ගී සිසිල ලොවෙත් නෙති ලෙස මමද.

    ReplyDelete
  5. බුද්ධික යාළුවාත් තාම තනිකඩයා වගේ ;)

    ReplyDelete
  6. හ්ම්ම් හ්ම්ම්
    මං පවූ . . . .

    ReplyDelete