සිත් නෙත්
සිතෙන දේ සහ දකින දේ
Tuesday, January 31, 2012
නොදුටු කුමරිය
තොඳොල් බස් සැම විට
දොඩයි නොඅඩුව හැකි විට
සිටින්නට සිතයි මට
අසාගෙන ඔබෙ සොඳුරු හඬ
කීවත් කතා නොයෙකුත්
දුරින් පමණයි ඒ හැම
ඔබයි මා සිත් ගත්
නොදුටු කුමරිය මා නෙත්
පින්තූරය:
http://www.comicartfans.com/
වෙතිනි
Saturday, January 21, 2012
පැතු මුත් මා ඔබ, මා නොව ඔබ හිමි
එදා මා
සිතූ දා
ඔබ මා
වේ වා
දැනු නා
නොව මා
ඔබ හිමි
මතු දා
රිද වා
ඔවු නා
කිම මා
ඔබ හා
කිය ලා
සිතු නා
හැර දා
පැතු දේ
සිටි යා
කර බා
Wednesday, January 18, 2012
පෙරපාසලේ පළමු දිනය
බෑ බෑ අම්මෙ මට ඉන්නට බෑ අම්මේ
අකුරු කරන්නට බැහැ අම්මා නැතුව
යන්නට එපා අම්මේ මා මෙහි තියලා
ගියොත් එමි මමත් ආපසු ගෙදර බලා...
පෙරපාසල මා ගිය ඒ පළමු දින
හැඬුවා එලෙස ඉන්නට බෑ කියා මම
කිව් ලෙස පිටවුණා පෙරපාසලෙන් මම
කාටත් හොරෙන් යන්නට අපෙ ගෙදර බලා...
කොහෙදැයි මේ යන්නෙ තනිවම අසයි සැම
වෙන කොහෙ යන්න ගෙදරයි මේ යන්නේ
යන විට ටික දුරක්, අම්මා මාව සොයන්
ආවා රැගෙන යන්නට සැලවී පුවත...
Tuesday, January 17, 2012
විසිතුරු හිස් බව...
මාරු විය වසන දෙස
දකින දෙය නොබලාම
යෑම ගුණ වේ
නොසිතා දුර දිගට
එන එන විසිතුරු
දේ ගෙන හැඩ වී
පයින් නොව
හිතින් හිතාම
පා තබයි මිනිසුන්
පෙනෙන්නට
මුළු ලොවට
අන් දෑස පිනවන්න
එයින් තමනුත් මනා
ලෙස සැනසී ඉන්න
විඳියි වද වේදනා
තම සිතින් ඒ දනෝ
නමුත් ඒ දෙස බලන
ගුණැති මිනිසුන් දකියි
ඔවුන් ඒ කරන දෙය
පුරා ඇති හිස් බව...
Wednesday, January 11, 2012
සරසවි බුදු රුව වැන්දේද?
සරසවි ඇවිත් දැන් කී වසරක් වුනාදෝ
ආ දා පටන් කීයක් වැඩ කළා දෝ
හිමි පිළිරුව පසුකර කී වරක් ගියාදෝ
වැන්දේ ඔබත් අප හිමි කී වරක් දෝ
සීත ගඟුලෙ සිහිලස දැනිලා නැතිදෝ
බුදු හිමි නැමැද සිහිලස විදගෙන නැතිදෝ
සිහිලක් නැති බිමේ ඔබ තව විඳවයිදෝ
සැනසෙනු පැමිණ වැඳ අප මුණි රජින්දෝ
Saturday, December 31, 2011
2011 සිට 2012 ට
වසර අවසන් දිනය
ලෙස නොව
ඇරඹුමට නව වසර
පෙරදින
ලෙසම සිත් වෙමු
සිතා බලමින්
කරපු කම් අප
ගෙවුනු වසරේ
නොකර නැවතත්
කරපු අකුසල්
කරමු තව තව
කුසල් අපි සැම
නොසිතා පමණ
තම ගැන
කරමු කටයුතු
සිතා සැම ගැන
හෙටින් එළි වෙයි
නවමු වසරක්
පතමු නව වසර
සැමටම
වාසනා පිරි
දිවි ලැබෙන්නට
Wednesday, December 21, 2011
ඇය බලයි මා දෙස...
ඇය බලයි මා දෙස
කිමද බැල්මක් එලෙස
බලමි මම ඒ දෙසම
හඟවමින් ඇයි එලෙස
තේරුණා තේරුණා
සිතක් ඇති සෙයක් මට
එත් කෙලෙසකද මම
පතන්නේ ඒ ලෙසම
නැත සියලු පැතුමන්
ඉටුවන්නෙ සිත් සේ
නොපැතු පැතුමක් පතා
දුකක් ගන්නේ කිමද
උස ඇතිද මට හරිද
සුදු පාට කලු පාට
දහසකුත් දේ බලා
සිතන්නට නොහැක අද
දුටු සැනින් සිතේ නම්
එය වේවි උරුමයම
එතැන් සිට ලොව තමන්
සදා ගත යුතු වේ නොවෙද?
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)