චාන්දනී පායලා
ලෙසින් සැමදා
උදව් වීලා
ඔබ සිටියා
මා මිතුරිය වීලා
මතකයි එදවස
ඇතිව ඔබගේ
සහය නොඅඩුව
ඉගැන්වූ සැටි
අගය කළ හැම...
ඉතින් ඉමු අපි
මිතුරුකම් පා
සැමදා මෙලෙසින්...
දහඩිය බිඳු
වැටෙයි එක දෙක
හඟවමින්
පැමිණ ඇති බව
දහවල
කිමද තව
ඉවරයක්
නැති මේ
පාඩම...
දමා යන්නට
සිතෙයි
ඔහේ හිස
හැරුණු අතේ...
ඇයි මේ...
අපි සැම
අලසකම් දුරලා...
පොත පතද
මැනවින් බලලා...
ලියමු
වැඩ දමලා...
විභාගය
ගොඩ යන්න සිතලා...
නැත මට මුදල්
දීලා බත් අරගන්න...
බැහැ මට හොරෙන්
බත් කා සැනසී ඉන්න...
එනිසයි නුඹෙන් මා
කන්නට ඉල්ලන්නේ...
මිනිසකු විලස
මගෙ කුසගිනි නිවපන්නේ...
තම සතුට පමණක් සළකන
අන් දුක නොහඳුනන
සතුන් නොම වෙනු
සැබෑ මිනිසුනි...
දියුණුව තමන්ගේ
කර ගත යුතුය නොවරද
එනමුත් එයින් අන්
කෙනෙකුට වේද අවැඩක්
සිතනු යහපති
කරනු මත්තෙන්...
උඳුපියලිය
ඇත වැවිලා
මිදුල පුරා...
ඇයි හාවෝ
නුඹ නැත්තේ
මෙහි එන්නේ...
තරහද නුඹ
මාත් එක්ක
කියන්නකෝ...
කුසගිනි බොහොම ඉහලයි
බැහැ ඉවසන් ඉන්න
සොයන කල යමක්
බඩ සරි කර ගන්න
දුටුවෙමි අහර අප වෙනුවෙන්
පිඟන් වල
පුදුමයි මේක එනමුත් කිම
ලත වෙන්නේ
කමු අපි මල්ලි
මේ ලෙස ජීවත් වෙන්න...